බීමත් අය රැගෙන නොගියාට ගිලන් රථයේ නිළධාරීන්ට පහර දෙයි.
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
19

බීමත් අය රැගෙන නොගියාට ගිලන් රථයේ නිළධාරීන්ට පහර දෙයි.

බීමත් අය රැගෙන නොගියාට ගිලන් රථයේ නිළධාරීන්ට පහර දෙයි.

සුවසැරිය ගිලන්රථයක රියැදුරකුට හා එහි හෙද නිළධාරිනියකට මහරගම වත්තේගෙදර ප්‍රදේශයේදී සිදු කළ පහරදීමක් සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අද (19) අත්අඩංගුවට ගෙන ඇත.



මහරගම වත්තේගෙදර හා පිළියන්දල පදිංචි (26) හැවිරිදි දෙදෙනකු මෙලෙස අත්අඩංගුවට ගත් බව මහරගම පොලීසිය පවසයි.



පුද්ගලයෙකු රෝහල් ගත කිරීම සඳහා පැමිණෙන ලෙසට 1990 සුවසැරිය ගිලන්රථ මධ්‍යස්ථානයට ඇමතුමක් ලැබී තිබූ අතර ඒ අනුව මිරිහාන පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරත සුව සැරිය ගිලන් රථයක් මහරගම වත්තේගෙදර විලියම් අල්විස් මාවත ප්‍රදේශයට අලුයම 01.00 ට පමණ ගොස් තිබේ.



එවිට බීමතින් සිටි පුද්ගලයින් පිරිසක් රෝහල්ගත කරන ලෙසට එහි සිටි පුද්ගලයින් පැවසීමත් සමඟ ගිලන් රථයේ හෙද නිළධාරිනිය ඊට විරෝධය පළකර ඇත. ඉන්පසු දෙපාර්ශ්වය අතර බහින්බස් වීමක් සිදු වී පසුව සුවසැරිය ගිලන් රථයේ රියැදුරාට සහ එහි හෙද නිළධාරිනියට පහර දී තිබේ.

views

246 Views

Comments

arrow-up