මේ වසර තුළ දැනටමත් 2,726 ක් කොරියාවට ගිහින්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
19

මේ වසර තුළ දැනටමත් 2,726 ක් කොරියාවට ගිහින්

මේ වසර තුළ දැනටමත් 2,726 ක් කොරියාවට ගිහින්

2023 මැයි මාසය වන විට දකුණු කොරියානු රැකියා සඳහා ලාංකික ශ්‍රමිකයින් 2,726 දෙනෙකු මෙරටින් පිටත්ව ගොස් ඇත.



2022 වසරේ අග සහ මෙම වසරේ මුල් මාස කිපය තුළදී මෙරටට එවන ලද රැකියා ගිවිසුම් අනුව තරුණයින් 2,694 දෙනෙකු සහ තරුණියන් 32 දෙදෙනෙකු එසේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇත. ඔවුහු නිෂ්පාදන, ධීවර සහ ඉදිකිරීම් යන රැකියා ක්ෂේත්‍රවලට අයත් වෙති.



2023 වසරේ ශ්‍රමිකයින් 8,000 ක් පමණ කොරියානු රැකියාවලට බඳවා ගැනීමට කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව එකඟතාවය පළ කොට ඇත.



2023 වසරට අදාළව දැනට පැවැත්වෙමින් ඇති කොරියානු භාෂා පරීක්ෂණය සඳහා 84,886 ක අයදුම්පත් ප්‍රමාණයක් ලැබී ඇත.

views

279 Views

Comments

arrow-up