රට විරුවන්ගේ පවුල්වලට හරසර
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
26

රට විරුවන්ගේ පවුල්වලට හරසර

රට විරුවන්ගේ පවුල්වලට හරසර

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ රැකියා සදහා පිටත්ව ගිය ශ්‍රමිකයින්ගේ පවුල්වල සුබසාධනය තහවුරු කරමින් රටවිරු සුබ සේවා වැඩසටහන බදුල්ල, හාලිඇල පිහිටි ඌව පළාත් විගමනික සම්පත් මධ්‍යස්ථානයේදී පැවැත්විණි.



එහිදී විදේශ ගත ශ්‍රමිකයින්ගේ දරුවන් 90 දෙනෙකු සඳහා රුපියල් මිලියන 2.33 ක ශිෂ්‍යාධාර සහ ඌව පළාතේ දරුවන් 212 දෙනෙකු සඳහා රුපියල් දස දහසක් වටිනා පාසල් උපකරණ කට්ටලය බැගින් ප්‍රදානය කරනු ලැබීය.



මීට අමතරව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය වැඩිම වාරගනනක් ලබාගෙන විදේශ රැකියා සදහා පිටත්ව ගිය ශ්‍රමිකයින් 179 දෙනෙක් අගය කිරීම සදහා තිළිනපත් ප්‍රදානය කරනු ලැබීය.

views

271 Views

Comments

arrow-up