ටෙලිකොම් පෞද්ගලීකරණය කිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක්

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණයට නිර්දේශ නොකරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් වීරසේකර මහතා පවසයි.
ටෙලිකොම් ආයතනය පෞද්ගලිකකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට අදාළ සංවේදී තොරතුරු පෞද්ගලික ආයතන වෙත නිරාවරණය වන බවට ඒ සම්බන්ධයෙන් සිදු කළ වාර්තාවෙන් හෙළිවී ඇති බව සරත් වීරසේකර මහතා පවසයි.
අදාළ වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඔහු මේ බව පැවසුවේය.
මේ අතර ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සමාජිකත්වයෙන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඉල්ලා අස්වී ඇති අතර එහි පුරප්පාඩුවට පාර්ලිමේන්තු මන්ත්‍රි රාවුෆ් හකීම් මහතා පත් කෙරිණ.
274 Views
Comments