විශේෂඥ වෛද්‍යවරයාගේ ඝාතකයාට මරණ දඬුවම

ඊයේ (08) දෙමළ ඊළාම් ජනතා විමුක්ති සංවිධානයේ (PLOT) හිටපු ප්‍රාදේශීය නායකයෙකු වන නෙදුමාරන්ට වවුනියාව මහාධිකරණ විනිසුරු මාණික්කවාසගර් ඉලංචේලියන් මහතා විසින් මරණ දඬුවම නියම කරන ලදී.
මීට වසර 14 කට පෙර වවුනියාව මහ රෝහලේදී මීරාමොහිදීන් නමැති ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවට නෙදුමාරන් වරදකරු විය.
2009 අප්‍රේල් 20 වැනි දින වෛද්‍ය මීරාමොහිදීන් පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට ගොස් සිය මෝටර් රථයෙන් ආපසු එමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් මිය ගියේය.
වවුනියාව පොලිසියේ අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් නෙදුමාරන් අත්අඩංගුවට ගෙන පසුව මෙම ඝාතනය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. වවුනියාව මහාධිකරණයේ පැවති නඩු විභාගයකින් පසු සියලු චෝදනාවලට වරදකරු වූ ඔහුට මරණ දඬුවම හිමි විය.
269 Views
Comments