JUN
16
සහයක ගුවන් නියමුවෙකු හදිසියේ මරුට

හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් මීගමුව රෝහලට ඇතුළත් කිරීමේ දී රුසියානු ගුවන් සමාගමක සහය නියමුවෙකු මියගොස් තිබේ.
64 හැවිරිදි මෙම සහය ගුවන්නියමුවා පසුගිය දොළොස් වැනි දා රුසියානු සමාගමේ ගුවන් යානයකින් මෙරටට පැමිණ ඇති අතර ඔහුට නැවත පියාසර කිරීමට තිබී ඇත්තේ අද දිනයේ ය.
නමුත් ඊයේ ඇතිවූ හදිසි අසනීප තත්වයක් හේතුවෙන් රෝහල් ගත කිරීමේ දී මෙලෙස මියගොස් ඇති අතර මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
295 Views
Comments