දේව මෙහෙය අස්සේ පල්ලියට රිංගන්න හැදූ ඉමිටියාස් නැමැති පුද්ගලයෙක් මාට්ටු

දේව මෙහෙයක් අතරතුර කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට ඇතුළුවීමට උත්සාහ කළ ඉමිටියාස් නමැති පුද්ගලයෙකු සැකපිට මුහුදුබඩ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ - අගලවත්ත ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙකු වන සහ කොළඹ - මට්ටක්කුලිය ප්‍රදේශයේ තාවකාලික පදිංචිකරුවෙකු වන ඉමිටියාස් නැමැති 46 හැවිරිදි පුද්ගලයෙක්.
බැති ගීවලට සවන්දීම සඳහා දේවස්ථානයට ඇතුළු වීමට අවශ්‍ය බව සැකකරු පොලිසියට දන්වා ඇතැයි පැවසේ. සාන්ත අන්තෝනි දේවස්ථානයේ 189 වැනි වාර්ෂික මංගල්‍යය මෙම මස 13 වැනි දාට යෙදී ඇති බැවින් ඊට සමගාමීව දේව මෙහෙයන් සෑම දිනකම පවත්වාගෙන යනු ලබයි.
අත්අඩංගුවට ගැනීමේදී සැකකරු සන්තකයේ තිබී ජාතික හැඳුනුම්පත් දෙකක් සොයා ගෙන ඇති අතර පසුව ඒවා පොලිස් භාරයට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
278 Views
Comments