ඩොලර් සඟවාගෙන සිටි අය දැන් අමාරුවේ වැටී ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර කියයි

දේශපාලන පක්ෂ විසින් කළ ප්‍රකාශ විශ්වාස කිරීම නිසා ඩොලර් සඟවාගෙන සිටි අය අද අමාරුවේ වැටී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා සිටී.
මේ වනවිට රුපියල ඉතාමත් ශක්තිමත් වෙමින් තිබෙන අතර ඩොලර් මිලියන 400ක් රටට ලැබීම, සංචාරක කර්මාන්තය, හා අපනයනය ආදායම ඉහළ යාම, ඊට හේතුවී ඇති අතර, රුපියල ශක්තිමත් වීම පටන් ගත් සැණින් පිටරට වල සේවයේ නියුතු බොහෝ අය සඟවාගෙන සිටි ඩොලර් නැවත මෙරටට එවීමට කටයුතු කර තිබෙන බව අමාත්‍යවරයා එහිදී පවසා සිටී.
දේශපාලන පක්ෂ විසින් මේ රටට ඩොලර් නොඑවන ලෙස පවසමින් පසුගිය කාලයේ විශාල ප්‍රචාරයක් ගෙන ගිය බවත් දේශපාලන පක්ෂ විශ්වාස කරමින් විදෙස් රැකියාව වල නියුතු සහ විදේශීය රටවල පදිංචි බොහෝ පිරිස් රටට ඩොලර් නොඑවා සඟවා ගෙන සිටින බවත් අමරවීර මහතා වැඩිදුරටත් පවසා තිබේ.
161 Views
Comments