මුහුදු වැලි පිරිසිදු කර ඉදිකිරීම් කේෂ්ත්‍රයට යොදා ගැනීම වේගවත් කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
23

මුහුදු වැලි පිරිසිදු කර ඉදිකිරීම් කේෂ්ත්‍රයට යොදා ගැනීම වේගවත් කෙරේ

මුහුදු වැලි පිරිසිදු කර ඉදිකිරීම් කේෂ්ත්‍රයට යොදා ගැනීම වේගවත් කෙරේ

මුහුදු වැලි පිරිසිදු කර ඉදිකිරීම් ක්ෂේත්‍රයට යොදා ගැනීමේ ක්‍රියාවලිය වේගවත් කරන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන‍ය කිරීමේ සංස්ථාවට උපදෙස් ලබාදී තිබේ.

 

ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පවසන්නේ මුතුරාජවෙල වැලි අංගනයෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයට මුහුදු වැලි යොදා ගත හැකි වැඩපිළිවෙළක් සකස් කරමින් සිටින බවයි.

 

ඒ අනුව මුතුරාජවෙල වෙරළ තීරයේ කිලෝමීටර් 10ත් 15ත් අතර දුරකින් මුහුදු වැලි කියුබ් මිලියන 2ක් පමණ පොම්ප කිරීමට නියමිත බව වාර්තා වේ.

 

මෙලෙස පොම්ප කරන ලද වැලි සෝදා පිරිසුදු කර වියලා ගැනීමෙන් පසුව ශ්‍රී ලංකා ප්‍රමිති කාර්‍යාංශයේ ප්‍රමිතියට අනුකූලව ලවණ රහිත වැලි නිෂ්පාදනය කරනු ලැබේ.

 

 

views

225 Views

Comments

arrow-up