“වර්ජනය කළොත් සංගමයෙන් පන්නවා” - මුරුත්තෙට්ටුවේ හිමි දැඩි තීරණයක
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
10

“වර්ජනය කළොත් සංගමයෙන් පන්නවා” - මුරුත්තෙට්ටුවේ හිමි දැඩි තීරණයක

“වර්ජනය කළොත් සංගමයෙන් පන්නවා” - මුරුත්තෙට්ටුවේ හිමි දැඩි තීරණයක

රාජ්‍යසේවා එක්සත් හෙද සංගමයේ අනුදැනුමකින් තොරව කිසියම් සාමාජිකයෙක් හෝ සාමාජිකාවක් දැනට ක්‍රියාත්මක වැඩ වර්ජනයට සහය දක්වයි නම් එම සාමාජිකයින් සංගමයෙන් නෙරපන බව එම සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසති.

 

මේවන විට වැඩවර්ජනයට සහය දක්වන ඇතැම් වෘත්තීය සමිතිවල බලපෑම මත රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සාමාජිකයින් වැඩවර්ජනයට සහය දක්වන බවට තම සංගමයට තොරතුරු ලැබී ඇති බැවින් එවැනි සාමාජිකයින්ගේ තොරතුරු සොයාගෙන ඔවුන්ව වහාම සංගමයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව ආනන්ද හිමියෝ වැඩිදුරටත් පැවසූහ.

 

ඉල්ලීම් ලබාදීමට රජය එකඟ වී ඇති මොහොතක වැඩ වර්ජනවල නිරත වීම අසාධාරණ බවත් මෙය ඇතැම් වෘත්තීය සමිතිවල බලපෑම මත සිදුවන්නක් බවත් ආනන්ද හිමියෝ පෙන්වාදෙති.

views

700 Views

Comments

arrow-up