කොවිඩ් රෝගීන් නිවසේ තබා ප්‍රතිකාර කිරීම අද සිට ඇරඹේ

කොරෝනා වසංගතයේ සීඝ්‍ර ව්‍යාප්තිය නිසා රෝහල් හා අතරමැදි මධ්‍යස්ථානවල පවතින ඉඩකඩ අඩුවීම හේතුවෙන් සංකූලතා නොමැති වයස 18-60 අතර කොවිඩ් ආසාදිතයින් නිවෙස්වල රඳවා ගනිමින් ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය අද (09) සිට ආරම්භ කෙරේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ මෙතෙක් නියමු ව්‍යාපෘතියක් ලෙස බස්නාහිර පළාතේ පමණක් ක්‍රියාත්මක වූ එම ක්‍රමවේදය අද සිට දිවයින පුරා ක්‍රියාත්මක වන බවය.
මෙම ආසාධිතයින් නිවස් වල රඳවා ප්‍රතිකාර කළ ද දිගින් දිගටම වෛද්‍යවරුන් හා සම්බන්ධ වෙමින් ඔවුන්ට යම් අපහසුතාවක් ඇත්නම් වහාම රෝහල්ගත කිරීමට පියවර ගන්නා බව ද හෙතෙම පැවසීය.
893 Views
Comments