පුරවැසියනි,එකතුවන්න රට ගොඩනැගීමට අපි සූදානම් - අනුර දිසානායක

ජාතික ජන බලවේගය ඊයේ (01) මාධ්‍ය හමුවක් කැඳවමින් රටේ අනාගතය වෙනුවෙන් ගත යුතු පියවර සම්බන්ධයෙන් අදහස් පළ කර තිබේ.
ජාතික ජන බලවේගයේ නියෝජිතයින් රැසක් මේ මාධ්‍ය හමුවට එක්ව සිටියහ.
මෙම හමුව අමතමින් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේ ප්‍රශ්න කිරීමෙන් ඔබ්බට ගොස් රට ගොඩ නැගීමේ ප්‍රවේශයකට යාමට තමන් සූදානම් බවත් අපි පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔබ මේ රට වෙනස් කීරීම සඳහා ඒකරාශි විය යුතු අතර ජාතික ජන බලවේගය සමග එකතු වීමට ආරාධනා කරන බවත් මේ රට ගොඩ නැගීම සඳහා තිබෙන ප්‍රධානතම ජනතා ව්‍යපාරය මහජන ව්‍යපාරය බවට මේ ජාතික ජන බලවේගය පත් කිරීමේ අමුණින් අපි වැඩකටයුතු කරමින් සිටින බවත් ය.
861 Views
Comments