සයිනොෆාම් මාත්‍රා දෙකම ගත් අයෙක් ජීවිතක්ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
26

සයිනොෆාම් මාත්‍රා දෙකම ගත් අයෙක් ජීවිතක්ෂයට

සයිනොෆාම් මාත්‍රා දෙකම ගත් අයෙක් ජීවිතක්ෂයට

කරාපිටිය අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා පවසා සිටියේ කොරෝනා මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සිටි අහංගම ගුරුල්ලවල ප්‍රදේශයේ පදිංචිව සිටි 73 හැවිරිදි පුද්ගලයෙකු කොරෝනා ආසාදිතව කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි.

 


ඔහු තවදුරටත් කියා සිටියේ වසරකට පමණ පෙර සිදු වූ අනතුරකින් පාදයේ ආබාධයක් සහිතව සිටි මෙම මියගිය පුද්ගලයා මැයි 29 වන දින සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාවත්  ජුනි මස 28වන දින සයිනොෆාම් දෙවෙනි මාත්‍රාවත් ලබාගෙන ඇති බවයි.

 


සෙම ගතිය වැඩි වීම හේතුවෙන් මෙම පුද්ගලයා ගොන්ගහහේන රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව කරාපිටිය ශික්ෂණ රෝහලට මාරුකර එවා ඇති අතර එහිදී කළ ඇන්ටිජන් පරීක්ෂාවකදී ඔහුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

views

1604 Views

Comments

arrow-up