15 හැවිරිදි දැරිය දූෂණ සිද්ධියේ සැකකරුවන්ට ඇපත් නැති වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
19

15 හැවිරිදි දැරිය දූෂණ සිද්ධියේ සැකකරුවන්ට ඇපත් නැති වෙයි

15 හැවිරිදි දැරිය දූෂණ සිද්ධියේ සැකකරුවන්ට ඇපත් නැති වෙයි

වයස අවුරුදු 15ක් වන බාලවයස්කාර දැරියක් අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීම සඳහා දැන්වීම් පළ කළ වෙබ් අඩවියක හිමිකරුවෙකුට සහ එහි මුදල් කළමනාකරුවකුට ඇප ලබාදීමට කළ ඉල්ලීම අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

 

මෙම නඩුව අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේ විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් සිය සේවාදායකයින්ට ඇප ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබුණි. නමුත් මෙම ඉල්ලීමට දැඩි ලෙස විරෝධය පළ කළ පොලිස් කාන්තා හා ළමා කාර්‍යංශයේ නිලධාරීන් සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන තවමත් අවසන් නොමැති බැවින් මොවුන්ට ඇප ලබා දුනහොත් එය විමර්ශන කටයුතු සඳහා බාධාවක් විය හැකි බව අධිකරණයට දන්වා සිටියා.

 

එමෙන්ම මෙම සැකකරුවන් ඇප මත නිදහස් කිරීම මහජන කැළඹීමකට ද හේතුවක් විය හැකි බව පෙන්වා දුන්නා.

 

මෙම කරුණු සැලකිල්ලට ගෙන මහේස්ත්‍රාත්වරිය ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතර සැකකරුවන් දෙදෙනා එළඹෙන 29 වෙනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

views

18072 Views

Comments

arrow-up