බදියුදීන්ගේ නිවසේ තවත් මෙහෙකාරියක් දිවි නසා ගනියි

හිටපු ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීනගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිට ඉන් ඉවත්වීමෙන් පසුව තවත් කාන්තාවක් සියදිවි නසාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
මෙහෙකාර සේවයේ සිටියදී පසුගිදා පිළිස්සී මියගිය ඉෂාලිනී දැරියගේ මරණ සම්බන්ධව ක්‍රියාත්මක කරන පරීක්‍ෂණවලදී මෙම තොරතුරු අනාවරණයවූ බවත් මන්ත්‍රීවරයාගේ නිවසේ 2010 වසරේ සිට සේවය කළ කාන්තාවන් අට දෙනකුගෙන් මේ වන විට ප්‍රකාශ ලබාගෙන ඇති බවත් අජිත් රෝහණ මහතා පැවසුවේය.
788 Views
Comments