වෙළෙඳ අමාත්‍ය නිල නිවස රජයට භාරදෙයි

කොළඹ 7, මැකැන්සි පාරේ පිහිටි, හිටපු වෙළෙඳ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා භාවිතා කළ වෙළෙඳ අමාත්‍ය නිල නිවස, වත්මන් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට භාර දීමට කටයුතු කර ඇත.
බදියුදීන් අමාත්‍යවරයා මෙම නිල නිවස භාවිතා කළ කාලයේ බාලවයස්කාර දැරියන් අපහරණයට ලක් වූ බවට සැක කෙරෙන අපරාධ නිසා බන්දුල ගුණවර්ධන මහතා මෙම තීරණය ගත් බව වෙළෙඳ අමාත්‍යාංශය සදහන් කරයි.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් මෙම නිවස 2020 දෙසැම්බර් මාසයේ සිට වර්තමාන වෙළෙඳ අමාත්‍යවරයා වෙත භාරදීමට කටයුතු කර තිබුණි.
884 Views
Comments