මිහින්තලේ කාන්තාවක් වගා ළිඳකට වැටී මරු දකී
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
16

මිහින්තලේ කාන්තාවක් වගා ළිඳකට වැටී මරු දකී

මිහින්තලේ කාන්තාවක් වගා ළිඳකට වැටී මරු දකී

මිහින්තලේ පොලිස් වසමේ, සිප්පුකුලම ප්‍රදේශයේ අවුරුදු 23 ක කාන්තාවක් වගා ළිඳකට වැටී ජීවිතක්ෂයට පත්ව ඇති පුවතක් පොලිස් මාධ්‍ය කොට්ඨාශය වාර්තා කර සිටී.

 

මියගිය තරුණියගේ සොයුරිය ගවයින් බැලීම සඳහා අසල පිහිටි කුඹුරු යායකට ගොස් නැවත පැමිණීමේ දී තම වැඩිමහල් සහෝදරිය නිවසේ නොමැති බව දැනගෙන පසුව අවට පරීක්ෂා කිරීමේදී සොයුරිය වගා ළිඳට වැටී සිටින බව දැක ඇති අතර මියගිය තරුණිය වගා ලිඳට වැටුණේ කෙසේද යන්න පිළිබඳව හා මරණය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මිහින්තලය පොලිසිය විසින් සිදු කෙරේ.

views

222 Views

Comments

arrow-up