රට රැකියා පෙන්වා මුදල් ගැරූ 24 ක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් අල්ලයි

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය කළ වැටලීමකදී විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් ලබාගැනීම ඇතුළු නීති විරෝධී කටයුතුවල නිරතවීමේ චෝදනා මත පුද්ගලයින් 24 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ජනවාරි සහ පෙබරවාරි මාසය තුළ මේ සම්බන්ධව පැමිණිලි 173 ක් විභාග කර ඇති අතර එහිදී පැමිණිලිකරුවන් වෙත රුපියල් ලක්ෂ 126 ක් නැවත ලබා දී ඇති බව සඳහන් වේ.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජනතාවට දැනුම් දෙන්නේ විදේශ රැකියා ලබා ගැනීම සඳහා නීති විරෝධී ආයතන වලට සහ අතරමැදි තැරැවුකරුවන්ට මුදල් ලබා දීමෙන් වැළකී සිටින ලෙසයි.
එවැනි පුද්ගලයන් පිළිබඳ පැමිණිලි 0112-864241 යන දුරකතන අංකයට දැනුම් දෙන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් කියා සිටී.
191 Views
Comments