Decathlon ශ්‍රී ලංකාවට සමුදෙයි

ක්‍රීඩා භාණ්ඩ සිල්ලර අලෙවියෙහි නිරත ලොව විශාලතම අලෙවිකරුවා ලෙසින් සැලකෙන Decathlon, ශ්‍රී ලංකාවේ සිය සිල්ලර මෙහෙයුම් කටයුතු 2022 ඔක්තෝබර් 30 දින සිට නවතා දමනු ලබන බව දැනුම් දී සිටී.
බත්තරමුල්ලේ පිහිටි සිය ප්‍රදර්ශනාගාරයේ සහ අන්තර්ජාලය හරහා සිදුකරන අලෙවි කටයුතු මේ අනුව අත්හිටුවනු ලබන බව එම සමාගම සඳහන් කරයි. මීට පෙර පසුගිය ජූලි 31 දින සිට යූනියන් පෙදෙසේ පිහිටි ප්‍රදර්ශනාගාරය වසා දැමීමට ද ඔවුන් පියවර ගෙන තිබුණි.
ඔවුන් පවසන්නේ වර්තමානයේ රට තුළ පවතින තත්ත්වය හමුවේ සිය නිෂ්පාදන සැපයීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවයි.
288 Views
Comments