JUL
07
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පාපැදිවලින් කොළඹට

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අද(07) පාපැදි පෙලපාලියක් මගින් කොළඹට පැමිණ තිබෙනවා.
නුගේගොඩ ගුවන් පාලම අසලින් මෙම පෙළපාලිය ආරම්භ වී තිබූ අතර මහජන පුස්තකාලය දක්වා ගමන් කිරීමෙන් පසු එම ස්ථානයේදී විශේෂ සමුළුවක්ද සංවිධානය කර තිබුණා.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා රට මුහුණ දී ඇති අර්බුද වලට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් ඔවුන් මෙම පාපැදි පෙළපාලිය ආරම්භ කර තිබූ අතර අනිද්දා දිනද කොළඹ විශ්වවිද්‍යාලය අසලින් ඔවුන් තවත් විරෝධතාවක් ආරම්භ කිරීමට නියමිතයි.
339 Views
Comments