ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ධුරය ජනරාල් දයා රත්නායකට

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ධුරය ජනරාල් දයා රත්නායක මහතාට හිමි වී තිබෙනවා.
අද(30) පෙරවරුවේ ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් විසින් ඔහු වෙත ලබා දී තිබෙන බව වාර්තා වෙනවා.
ශ්‍රී ලංකාවේ විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය, ශ්‍රී ලංකා සර්ට්, ශ්‍රි ලංකා ටෙලිකොම්, කාර්මික පුහුණු ආයතනය, ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණික ආයතනය, ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාව, සියලුම තොරතුරු තාක්ෂණ උද්‍යාන, ශ්‍රී ලංකා ප්‍රමිති ඇතුලු ආයතන දහයක් මෙම අමාත්‍යාංශය යටතට පත්වෙනවා.
304 Views
Comments