ඇන්ටිජන් කරන්න කනත්ත තොරා ගෙන

කොරෝනා වයිරසය ආසාදිත දැයි තහවුරු කරගැනීම සඳහා පරීක්ෂණ සිදු කිරීමට කැස්බෑව සුසාන භූමියේ සොහොන්ගෙය තෝරාගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණ සඳහා පැමිණි පිරිස සිය කනගාටුව ප්‍රකාශ කළහ.
මෙහිදී රැපික් ඇන්ටිජන් පරීක්ෂාව සඳහා පුද්ගලයෝ 85 දෙනෙක් සහ පි.සි.ආර්. පරීක්ෂණ සඳහා පුද්ගලයෝ 17 දෙනෙක් පැමිණ සිටියහ. ඉන් ඇන්ටි පරික්ෂණ සිදු කළ 45කට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව සෞඛ්‍ය අංශ කියයි.
තම ජීවිත අවතක්සේරු කරමින් කොරෝනා පරීක්ෂණ සිදු කිරීම සඳහා මෙවැනි ස්ථානයක් තෝරා ගැනීම සුදුසු නොවන බව පැමිණි බොහෝ දෙනක් පැවැසීය.
637 Views
Comments