වරායේ සිරවුණු සහල් ගන්න මහ බැංකුවෙන් ඩොලර්

ඩොලර් නොමැතිව වරායේ සිරවී ඇති සහල් කන්ටේනර් 800ක ප්‍රමාණය නිදහස් කර ගැනීමට අද (19) දිනයේ ඩොලර් ලබාදෙන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසූ බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.
ඒ අනුව එම සහල් කන්ටේනර් ඉදිරි දින කිහිපය තුළ වරායෙන් නිදහස් කරගැනීමට හැකිවන බවත් ඔහු පැවසීය.
එම සහල් තොග වෙළඳපොළට නිකුත් කිරීමත් සමඟ වෙළෙඳ පොළේ සහල් මිල සැලකිය යුතු ලෙස අඩු වනු ඇතැයි කී අමාත්‍යය බන්දුල ගුණවර්ධන මහතා පෞද්ගලික අංශයෙන් සහ සතොස මගින් ආනයනය කරන සහල් තොගද වෙළෙඳපොළට නිකුත් කිරීමත් සමඟ සහල් මාෆියාව අවසන් වනු ඇතැයිද සඳහන් කළේය.
631 Views
Comments