අනාරක්ෂිත වළට වැටී මරු තුරුලට ගිය පුංචි සිඟිත්තිය

හබරණ, හතරැස්කොටුව ප්‍රදේශයේ අවුරුද්දයි මාස 10 පමණ කුඩා සිඟිත්තියක අලුතින් කපන ලද වතුර පිරුණු වළකට වැටී ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි හබරණ ගල්ඔය පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් තිබෙන්නේ අංක 138, මහ මොරකන්ද, හතරැස්කොටුව ගල්ඔය හන්දිය ලිපිනයේ පදිංචිව සිටි ආර්.ඒම් භාග්‍යා රස්සම්නි බණ්ඩාර නමැති කුඩා දැරියකි.
ඇය දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ බාලම දරුවාය.
මෙම සිඟිති දැරියගේ මව පසුගියදා ඇගේ සොහොයුරියගේ නිවසේ දැරියව නවතා මව කිසියම් කටයුත්තකට නිවසින් බැහැරව ගිය අවස්ථාවක දැරියගේ ලොකු අම්මා ඇයව කිහිප වරක් නිදි කරවීමට උත්සහ කර ඇත.
එහෙත් ඇය නැගිට සෙල්ලම් කිරීමට ගොස් ඇති අතර පසුව ලොකු අම්මාට නින්ද ගිය අවස්ථාවක මෙම දියණිය නිදා සිටි කොට්ටද රැගෙන සෙල්ලම් කිරීමට නිවස පිටුපසට ගිය අවස්ථාවේ ජලය පිරුණු අලුත් වැසිකිලිවලට දැරිය වැටී ඇත.
අනතුරුව ඇය නිවස තුළ නොසිටීම හේතුවෙන් ඥාතීන් දැරිය පිළිබඳව සොයා බැලීමේදී ඇය මෙම අනාරක්ෂිත වලට වැටී සිනු දැක ගොඩට ගෙන හබරණ රෝහලට ඇතුළත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් හබරණ ගල්ඔය පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.
713 Views
Comments