පොලිසිය, මාධ්‍ය එකට දින ගණනාවක් හෙවූ කොටදෙණියාවේ දරුවන්ට අවසානයේදී වුණු දේ- මවගේ පැටිකිරියත් හෙළි වේ

දින 45ක කාලයක් පමණ අතුරුදන්ව සිට නැවත හමු වූ ඥාති සොහොයුරන් දෙදෙනා නැවත ඔවුන්ගේ නිවස වෙත යාමට අකමැත්ත පළ කිරීම මත එම දරුවන් දෙදෙනාව මිනුවන්ගොඩ පිහිටි පරිවාස මධ්‍යස්ථානයක් වෙත යොමු කර තිබෙනවා.
ඒ පොලිසිය අධිකරණයට කරුණු දැක්වීමෙන් පසුවයි.
මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණ හමුව වෙත මෙම දරුවන් දෙදෙනා ඉදිරිපත් කොට ඇති අතර දරුවන් නැවත ඉල්ලීම සඳහවත් ඔවුන්ගේ මව අධිකරණ වෙත නොපැමිණීම ද විශේෂත්වයක් වනවා.
මෙහිදී දරුවන් කැමත්ත ප්‍රකාශ කොට ඇත්තේ ඔවුන් පසුගිය දිනවල සිටි කාන්තාවගේ නිවසේ සිටීමට කැමති බවයි.
ඒත් දරුවන්ගේ භාරය අධිකරණ සතු නිසා මෙලෙස ඔවුන් පරිවාසභාරයට ගෙන තිබෙනවා.
මෙම දරුවන් දෙදෙනා පවසන්නේ ඔවුන්ට සිය මව විසින් අමානුෂික ලෙස හිංසා කරන නිසා ඔවුන් මෙලෙස නිවසින් පලා ආ බවත් නැවත නිවසට යා නොහැකි බවත්ය.
එසේම මෙම දරුවන් දෙදෙනා දින හතළිහකට අධික කාලයක් සිට ඇත්තේ ඔවුන් පොලිසියට බාර දුන් කාන්තාවගේ නිවසේ බවයි වාර්තා වුණේ.
ඇය කොටදෙණියාව පොලිසිය වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදී ඇත්තේ මෙම දරුවන් දෙදෙනා කෑමට යමක් ඉල්ලා පැමිණ ඔවුන්ට සිදු වූ කරදර හිරිහැර පැවසීම හේතුවෙන් දුක හිති මෙම දරුවන් දෙදෙනා තමා විසින් නිවසට රැගෙන ගොස් රැකබලා ගත් බවය.
කෙසේ නමුත් මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් රැසක් පරීක්ෂණ ආරම්භ කිරීමත් මේ සිද්ධිය මාධ්‍ය වල පළ වීමත් සමඟ මෙම කාන්තාව බිය වී රුපියල් 700 ක මුදලක් මෙම දරුවන් දෙදෙනාට දී නැවත නිවසට යන ලෙස ඉල්ලා සිටියද එම ඉල්ලීම මෙම දරුවන් දෙදෙනා ප්‍රතික්ෂේප කර ඇති බව ද ඇය කොටදෙණියාව පොලිසිය හමුවේ ප්‍රකාශයක් ලබාදෙමින් පවසා තිබෙන්නේ.
කෙසේ නමුත් මෙම කාන්තාව ආදරයෙන්ම මෙම දරුවන් දෙදෙනාව රැකබලා ගත් නිසා ඇය අත්අඩංගුවට නොගන්නා බවයි පොලීසිය සඳහන් කරන්නේ.
මෙම දරුවන් දෙදෙනා ජීවත් වී ඇත්තේ මෙම කාන්තාවගේ සෙසු දරුවන් තිදෙනා සමඟ ය.
2572 Views
Comments