ඉඩමක් නොදුන්නැයි උරණව කාන්තාවක් ග්‍රාම නිලධාරීගේ ගෙදර පදිංචියට යයි

රජයෙන් තමාට නිවසක් ලබා නොදීම සම්බන්ධයෙන් උරණ වූ වවුනියාව තෝනිකල් ප්‍රදේශයේ කාන්තාවක් තම නිවසේ බඩු මුට්ටුද රැගෙන තෝනිකල් ග්‍රාම නිලධාරිවරයාගේ නිවසේ පදිංචියට පසුගිය 04 වැනිදා පැමිණ ඇත.
ග්‍රාම නිලධාරී කාර්යාලයෙන් ඇයව ඉවත් කිරීමට නිලධාරීන් උත්සහ කළත් එය අසීරු වීම හේතුවෙන් ග්‍රාම නිලධාරිවරයා විසින් මේ බව වවුනියාව පොලිසියට පැමිණිලි කර තිබේ.
පොලිස් නිලධාරීන් පැමිණ එම කාන්තාව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා වවුනියාව මහ රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙයි.
878 Views
Comments