අද මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල පහළට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
04

අද මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල පහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල පහළට

අද ( 4 ) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්රෝ ගෑස් මිල පහළ දැමීමට එම ආයතනය තීරණය කර තිබෙනවා.

 

 

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 204 න් අඩු වූ අතර ඒ අනුව එහි නව මිල රු. 2982.00ක් වන බවයි වාර්තා වන්නේ

 

 

කිලෝග්‍රෑම් 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 83න් අඩු වූ අතර ඒ අනුව එහි නව මිල 1198.00 ක් වනවා.

 

 

කිලෝග්‍රෑම් 2.3 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු 37න් අඩු වූ අතර ඒ අනුව එහි නව මිල රු 561.00 වන බවයි වාර්තා වන්නේ, මෙම වසරේ මේ දක්වා අවස්ථා 05 කදී ගෑස් මිල සංශෝධනය කර ඇති අතර ඉන් එක් අවස්ථාවකදී හැර අනෙක් සියලු අවස්ථාවල මිල පහත දැමුවා. 

 

 

අවසන්වරට ගාස්තු සංශෝධනයක් සිදු කෙරුණේ, පසුගිය මස 4 වනදා වන අතර එහි දී කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 452 කින් අඩු කලේය.

views

280 Views

Comments

arrow-up