BMICH අද ගියොත් විදුලි මිලට අදහස් දෙන්න පුළුවන්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
27

BMICH අද ගියොත් විදුලි මිලට අදහස් දෙන්න පුළුවන්

BMICH අද ගියොත් විදුලි මිලට අදහස් දෙන්න පුළුවන්

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගැනීම සඳහා විශේෂ මහජන උපදේශන සැසිය අද (27) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

 

 

මෙහිදී මහජනතාවට විදුලි මිල සංශෝධනය සම්බන්ධයෙන් අදහස් දැක්විය හැකි අතර ඒ පිළිබඳ සළකා බලමින් එලැඹෙන විදුලි ගාස්තු සංශෝධනය සිදු කරන බවද එම මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

 

 

එසේම නව විදුලි ගාස්තු සංශෝධනයට අදාළ නිර්දේශයන් මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් එළැඹෙන 30 වැනි දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

 

 

මෙවර සංශෝධිත විදුලි මිල  ජුලි 01 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියනිමිතව ඇති අතර ඒකක 0සිට 30 දක්වා කාණ්ඩයේ ගාස්තුව සියයට 26.9කින් අඩු කිරීමටත් ඒකක 31සිට 60 දක්වා කාණ්ඩයේ විදුලි ගාස්තුව සියයට 10.8කින් ද, ඒකක 61 සිට 90දක්වා විදුලි ගාස්තුව සියයට 7.2කින්ද, ඒකක 91සිට 180දක්වා කාණ්ඩයේ විදුලි ගාස්තුව සියයට 3.4කින්ද අඩු කිරීමටත් මෙහිදී ලංකා විදුලිබල මණ්ඩලය විසින් යෝජනා කොට ඇති බවද සදහන් වේ.

 

 

එසේම විදුලි ඒකක 180ට වැඩි කාණ්ඩයේ ගාස්තුව සියයට 1.3කින් හා  ආගමික ස්ථාන සහ පුණ්‍ය ආයතනවල විදුලි ගාස්තුව සියයට 3.2කින් අඩු කිරීමටද යෝජනා වී ඇත.

 

 

කර්මාන්ත, පොදු කාණ්ඩ, වීදි ලාම්පු සහ රාජ්‍ය ආයතන යන කාණ්ඩ ගාස්තුවේ කිසිදු වෙනසක් සිදු නොකිරීම හා වෙතත් හෝටල් කර්මාන්තයේ විදුලි ගාස්තුව සියයට 12.6කින් පහත හෙළිමටද යෝජනා වී ඇත.

 

 

මේ සදහන් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අවසන් අනුමැතිය අවශ්‍ය වේ.

views

216 Views

Comments

arrow-up