යුද හමුදාවේ මාසික සලාකේ දසදහසකින් ඉහළට

සියලු යුද හමුදා සාමාජිකයින්ගේ මාසික සලාක මුදල රුපියල් දසදහසකට ආසන්න මුදලකින් ඉහල නැංවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිර්දේශ කර තිබේ.
මෙරට බලපා සිටින ආර්ථික අර්බුදය හමුවේ යුද හමුදා සාමාජකයින්ට ඇතිවූ ආර්ථික පීඩනය අවම කිරීම සඳහා යුද හමුදාධිපතිවරයාගේ ඉල්ලීමකට අනුව මෙම නිර්දේශය සිදු කොට ඇත.
මේ අනුව සක්‍රීය සේවයේ නියුතු සියලු යුද හමුදා සාමාජිකයින්ගේ මාසික සලාක මුදල 2023 අප්‍රේල් මාසයේ සිට ඉහල නැංවුණු අතර එය මැයි මාසයේ සිට සියලුම යුද්ධ හමුදා සාමාජිකයන්ගේ වැටුපට එකතුකරන ලදී.
නමුත් පාලනමය රාජකාරී කටයුතු නිසාවෙන් ලබාදීමට ප්‍රමාද වූ යුද්ධයේදී තුවාල ලබා විශ්‍රාම ගිය සහ මිය ගිය යුද්ධ හමුදා සාමාජිකයින්ට ලබාදිය යුතු සලාක මුදල මැයි මාසයේදී ඔවුන්ගේ වැටුපට එකතුකිරීමට ප්‍රමාදයක් ඇති විය.
ඔවුනට ලැබිය යුතු අප්‍රේල් මස හා මැයි මාසය සඳහා වන හිඟ සලාක මුදල ඔවුන්ගේ වැටුපට එකතුකර ලබාදීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අද(20) දින කටයුතු කොට ඇතැයි යුද හමුදා මූලස්ථානය පවසයි.
194 Views
Comments