කොළඹ මාර්ගයක් වසා දැමේ

කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොටා පාර දුම්රිය හරස් මාර්ගය නඩත්තු කටයුතු සඳහා තාවකාලිකව වසා දැමීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ බේස්ලයින් පාර හා නාරාහේන්පිට දුම්රිය ස්ථාන අතර කොටා පාර දුම්රිය හරස් මාර්ගය ලබන 17 වැනිදා පෙරවරු 7.00 සිට ජුනි මස 18 වැනිදා පෙරවරු 5.00 දක්වා සම්පූර්ණයෙන් වසා තැබීමට සිදුවන බවයි.
මෙම දුම්රිය හරස් මාර්ගය වසා තබන කාලය තුළ විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට දුම්රිය දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දෙයි.
235 Views
Comments