ගුවන් යානා ගොඩ බැස්සවීමේ ගාස්තු පහළට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
06

ගුවන් යානා ගොඩ බැස්සවීමේ ගාස්තු පහළට

ගුවන් යානා ගොඩ බැස්සවීමේ ගාස්තු පහළට

ගුවන් යානා කටුනායක ගුවන් තොටුපොළට ගොඩබෑමේ ගාස්තු වසරක් දක්වා සියයට 50 කින් අඩු කිරීමට රජය තීරණය කර ඇති බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

 

මත්තල ගුවන් තොටුපොළටද වැඩි ගුවන් යානා ප්‍රමාණයක් ආකර්ෂණය කරගැනීමට වැඩපිළිවෙළක් අරඹා ඇති බවත් ඒ අනුව පළමු අවුරුදු හතරේදී ගුවන් සමාගම්වලට සහන රැසක් ලබා දෙන බවත් අමාත්‍යවරයා පැවසුවේය.

 

පළමු අවුරුද්දේදී ගාස්තුවලින් සියට සීයක් අතහරින්නත් දෙවෙනි අවුරුද්දේදී සියයට 50 ක් අතහරින්නත් සැලසුම් කර ඇති බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද පාර්ලිමේන්තුවේදී පැවැති සිවිල් ගුවන් සේවා පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේදීය.

views

228 Views

Comments

arrow-up