ආරක්ෂක අමාත්‍යාංශය විසින් මහජනතාවට හදිසි නිවේදනයක්

ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෑත කාලීනව විවිධ පාර්ශව විසින් ආගමික සමගියට හානිවන අන්දමින් සිදුකරන ප්‍රකාශ සහ ක්‍රියාවන් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.
ආරක්ෂක අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇත්තේ රටේ ආගමික ආරවුල් ඇතිකරමින් පවතින සාමකාමී තත්ත්වය කඩාකප්පල් කිරීමේ අපේක්ෂාවෙන් සිටින විවිධ අරමුණු සහිත කණ්ඩායම් පිළිබඳව බව එහි සඳහන්ය.
පසුගිය සමයේ අත්විඳින ලද දරුණු ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ඒමට උත්සහා දරන්නාවූ අවස්ථාවක විවිධ කණ්ඩායම් විසින් රටතුළ තවත් අර්බුදයක් නිර්මාණය කිරීමට උත්සහ දරණ බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසා ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන පරිච්ඡේදය සහ දණ්ඩ නීති සංග්‍රහයේ 291 (අ), (ආ) අනුව නීතිය යම් පුද‍්ගලයෙකු හෝ සංවිධානාත්මක කණ්ඩායමක් පටු චේතනාවකින් කටයුතු කිරීමට උත්සහා දරන්නේනම් දැඩිලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බව රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.
235 Views
Comments