ශ්‍රී ලාංකික කාන්තාවකට එංගලන්තයේ අධිකරණයක විනිසුරු පදවියක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
06

ශ්‍රී ලාංකික කාන්තාවකට එංගලන්තයේ අධිකරණයක විනිසුරු පදවියක්

ශ්‍රී ලාංකික කාන්තාවකට එංගලන්තයේ අධිකරණයක විනිසුරු පදවියක්

ශ්‍රී ලාංකික කාන්තාවකට එංගලන්තයේ අධිකරණයක විනිසුරු පදවියක් හිමිව තිබේ.

 

මෙලෙස විනිසුරු පදවියක් හිමිව ඇත්තේ 34 හැවිරිදි වියේ පසුවන අයේෂා නමැති තරුණියකට වන අතර ඇය 14 හැවිරිදි වියේදී ශ්‍රී ලංකාවේ සිට එංගලන්තය බලා සංක්‍රමණය වී ඇත.

 

ඇය එංගලන්තයේ විනිසුරුවරියක වූ සුදු ජාතික නොවන ලාබාලතම කාන්තාවද වන අතර කුමන හෝ ජන වර්ගයක තුන්වන ලාබාලතම විනිසුරුවරිය වන්නේද අයේෂා මහත්මියයි. 

 

මේ අතර ඇයගේ තවත් සුවිශේෂීතාවයක් වන්නේ ඇය විශේෂඥ වෛද්‍යවරියකද වීමය.

 

එංගලන්තයට බලා සංක්‍රමණය වීමෙන් පසු ඇය එංගලන්තයේ ලීඩ්ස් සරසවියෙන් වෛද්‍ය විද්‍යාව හදාරා ඇති අතර ඇය හැරොගේට් හි විශේෂඥ වෛද්‍යවරියක ලෙසද කටයුතු කර තිබේ.

 

අනතුරුව ඇය ලීඩ්ස් සරසවියේම නීතිවේදය හැදෑරීමට පියවර ගෙන ඇත.

 

පසුව ඇය බැරිස්ටර්වරියක් ලෙස කටයුතු කිරීමෙන් අනතුරුව මෙලෙස විනිසුරුවරියක ලෙස පත්වීම් ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

views

305 Views

Comments

arrow-up