වෙඩි කා පැනගිය වරෙන්තුකරු අල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
13

වෙඩි කා පැනගිය වරෙන්තුකරු අල්ලයි

වෙඩි කා පැනගිය වරෙන්තුකරු අල්ලයි

ඊයේ (12) දහවල් උරගස්මන්හන්දිය ප්‍රදේශයේ දී පොලිසියේ වෙඩි ප්‍රහාරයට ලක්ව පලාගිය වරෙන්තුකරු පාළු නිවසක සැඟව සිටියදී අද පොලිස් අත්තඩංගුවට පත්ව තිබේ. 

 

ඊයේ දහවල් වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට ගැනිමට පොලිස් නිලධාරින් කණ්ඩායමක් උරගස්මන්හන්දිය ප්‍රදේශයට ගොස් තිබූ අතර එහිදි යතුරුපැදියෙන් පැමිණි වරෙන්තුකරු නවතා පොලිස් නිලධාරින් ඔහු අත්අඩංගුවට ගැනිමට උත්සාහා දරා තිබු බව සඳහන් ය.

 

එම අවස්ථාවේදි පොලිස් නිලධාරින් සමග අදාළ පුද්ගලයා පොර බදා ඇති අතර එය වැළැක්වීමට අසල සිටි පොලිස් සැරයන්වරයා අහසට වෙඩි 2 ක් තබා ඇති අතර අහසට වෙඩි තැබුවත් වරෙන්තුකරු මෙල්ල නොවීම හේතුවෙන් ඔහුගේ පාදයට පොලිස් නිලධාරින් වෙඩි තබා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කෙළ්ය.

 

කෙසේ වෙතත් වරෙන්තුකරු පාදයට වෙඩි වැදී සිටියදී පළාගොස් තිබුණි.  

views

228 Views

Comments

arrow-up