2022 යල කන්නයේදී වගා හානි සිදුවූ ගොවීන්ට වන්දි

2022 යල කන්නයේදී වගා හානි සිදුවූ වී වගා කරන ලද ගොවීන්ට වන්දි ලබාදීම සඳහා රජය විසින් රුපියල් මිලියන 70 ක් වෙන් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.
එම වන්දි මුදල් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් ගොවීන් වෙත ලබාදීමේ වැඩසටහන මේවන විටත් ආරම්භ කර ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කළේය.
ඒ යටතේ තිස්සමහාරාම හා වීරකැටිය ප්‍රදේශවල වගා හානි සිදුවූ ගොවීන්ට වන්දි පිරිනැමීම කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
2022 යල කන්නයේ වගා හානි සිදුවූ කුඹුරු ප්‍රමාණය අක්කර 3,326ක් වන අතර ගොවීන් 3,499 දෙනෙකුට වන්දි ලබාදීමට කටයුතු යොදා තිබේ.
ඉන් වැඩිම වගා හානි වාර්තා වී ඇත්තේ අනුරාධපුර, පොළොන්නරුව, මොණරාගල, මඩකලපුව, හම්බන්තොට හා ත්‍රීකුණාමලය යන දිස්ත්‍රික්කවලය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ වගා සිදුවූ ගොවීන් 89 දෙනෙකුට වන්දි වශයෙන් රුපියල් විසිහත් ලක්ෂ හැත්තෑ දෙදහස් නවසියයක මුදලක් මේවනවිට පිරිනමා ඇති බවද කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන කළේය.
257 Views
Comments