විදුලි සේවකයින් ලෙඩ වුණත් හෙට විදුලිය නොකැපේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
20

විදුලි සේවකයින් ලෙඩ වුණත් හෙට විදුලිය නොකැපේ

විදුලි සේවකයින් ලෙඩ වුණත්  හෙට විදුලිය නොකැපේ

සාමාන්‍ය පරිදි හෙට (21) දින විදුලය සැපයුම සිදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ඉංජිනේරුවන්ගේ සංගමයේ ලේකම් ඉසුරු කස්තුරිරත්ත  පැවසීය.

 

 

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කරන මුවාවෙන් පුද්ගලිකරණයක් සිදු වන්නේ නම් ඊට ගතයුතු ක්‍රියාමාර්ග සහ යෝජනා සම්මත කර ගැනීම සඳහා විදුලි සේවකයින් අද කොළඹට රැස්වෙන බවත් මේ හේතුවෙන් විදුලි සැපයීම් සේවා වලට බාධාවක් නොවන බවද හෙතෙම සදහන් කළේය.

 

 

මේ සඳහා සියලු විදුලි සේවකයින් හා වෘත්තීය සමිති සම්බන්ධ වුවද අත්‍යවශ්‍ය සේවා පවත්වා ගෙන යාම සඳහා සේවකයින් රාජකාරියේ නියැලෙන බවද ඔහු පැවසීය.

 

 

හදිසි බිඳ වැටීම් වාර්තා වුවහොත් එයද පාලනය කිරීම සඳහා සේවක පිරිස් කටයුතු කරන බවත් ලේකම්වරයා මෙහිදී  කියාසිටියේය.

 

 

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කරන මුවාවෙන් පුද්ගලිකරණයක් සිදු වන්නේ නම් ඊට ගතයුතු ක්‍රියාමාර්ග වලට එළැඹීමේ යෝජනාව සහ මේ වන විට විදුලි සේවකයින්ගේ වැටුප් කප්පාදුව ඇතුළු වෘත්තීය ගැටළු ද මෙම සමුළුවේදී සාකච්ඡා කෙරෙන බවද ඔහු පැවසීය.

views

200 Views

Comments

arrow-up