වැල්ලවායේ දරුණු රිය අනතුරකින් තිදෙනෙක් මරු දකී
විදේශගත ඔබට
Latest_News
calendar
APR
05

වැල්ලවායේ දරුණු රිය අනතුරකින් තිදෙනෙක් මරු දකී

වැල්ලවායේ දරුණු රිය අනතුරකින් තිදෙනෙක් මරු දකී

වැල්ලවාය, තණමල්විල, නුගයාය ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ කැබ් රථයක් සහ ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබේ.

 

 

එම අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන් කළ රියදුරා සහ පිටුපස අසුනේ ගමන් කළ ඔහුගේ බිරිඳ, පියා සහ 11 වියැති දරුවෙකු තුවාල ලබා වැල්ලවාය රෝහලට ඇතුළත් කර ඇත.

 

 

රෝහල්ගත කිරීමෙන් අනතුරුව රියදුරු, බිරිඳ සහ ඔහුගේ පියා ජීවිතක්ෂයට පත්ව ඇති අතර එම රියදුරු වයස අවුරුදු 44 ක් වන තණමල්විල පොලිස් ස්ථානයේ සේවය කළ පොලිස් සැරයන්වරයෙකු බව වාර්තා වේ.

 

 

අනතුර සිදු වන අවස්ථාවේ කැබ් රථයේ රියදුරු බීමතින් සිට ඇති අතර ඔහු සතුව රියදුරු බලපත්‍රයක්ද නොමැති බව පොලිසිය සඳහන් කර තිබේ.

 

 

මියගිය පුද්ගලයන්ගේ සිරුරු වැල්ලවාය රෝහලෙහි මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

views

291 Views

Comments

arrow-up