MAR
29
ඉන්ධන තදබදය සවස් වන විට අවසන් වනු ඇතැයි ප්‍රකාශයක්

ඇතැම් ඉන්ධන පිරවුම්හල් තුළ පවතින ඉන්ධන තදබදය, අද සවස් වන විට පහව යනු ඇති බව ලංකා ඛනිජතෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා පවසා සිටී.
ඊයේ සවස 2.00 න් පසුව කොළොන්නාව තොග පර්යන්තයෙන් ටැංකි රථ වලට ඉන්ධන ලබා නොදුන් නමුත්, හවස 6.00 න් පසුව හමුදාව මැදිහත් වීමෙන් එම ඉන්ධන ලබා දීමට කටයුතු කළ බවත්, අද පෙරවරු 6.00 සිට ඉන්ධන බෙදා හැරීම සාමාන්‍ය තත්ත්වයෙන් සිදුවන බවත්, සවස් වන විට තදබදය පහව යනු ඇති බවත්, ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
209 Views
Comments