අවිස්සාවේල්ල දුම්රිය මීගොඩ දී පීලි පනී

අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව දක්වා උදෑසන ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය අද දින ධාවනය නොවූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසා සිටී.
කොළඹ කොටුවෙන් අවිස්සාවේල්ල බලා ඊයේ රාත්‍රී ධාවනය වූ දුම්රිය මීගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
මේ හේතුවෙන් අවිස්සාවේල්ලේ සිට උදෑසන ධාවනය සඳහා වෙනත් දුම්රියක් යෙදවීමට නොහැකි වූ බවත්, කෙසේ වෙතත් පාදුක්ක සිට වග දුම්රිය ස්ථානය දක්වා දුම්රිය ධාවනය කිරීමට පියවර ගත් බවත් දුම්රිය බලධාරීන් සඳහන් කර සිටියේය.
246 Views
Comments