මිහින් ලංකා නඩුවෙන් සජින් වාස් නිදොස් කොට නිදහස්

මිහින් ලංකා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් කටයුතු කරමින් සිටියදී, බිම් මෙහෙයුම් උපකරණ මිලදී ගැනීමේදී, රජයට රුපියල් මිලියන 833 ක පාඩුවක් සිදු කළේ යැයි අල්ලස් කොමිසම විසින් පවරා තිබූ නඩුවේ චෝදනා එල්ල වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා නිදහස් කරන ලෙස අද කොළඹ මහාධිකරණය නියෝග කරන ලද බව වාර්තා වේ.
සජින් වාස් ගුණවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මෙම නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට මතු කළ මූලික විරෝධතාවක් පිළිගනිමින් කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා මෙම තීන්දුව ලබා දෙන ලදී.
253 Views
Comments