ව්‍යාජ ලෙස ලියාපදිංචි කළ සැප රියක් කිරිබත්ගොඩින් අල්ලයි

කිරිබත්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයකු විසින් භාවිතා කරන ලද සුඛෝපභෝගී ජීප් රථයක්, ව්‍යාජ ලේඛන සකසා මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක දත්ත වෙනස් කොට වංචනික ලෙස ලියාපදිංචි කර ඇති බවට හෙළි වීමෙන් පසු එම රථය පොලිස් භාරයට ගැනීමට වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලකායේ නිලධාරීහු ඊයේ දින සමත් වූහ.
මෙම ජීප් රථය කොටස් වශයෙන් මෙරටට ආනයනය කොට මෙහිදී එකලස් කරනලද එකක් හෝ පැහැර ගන්නා ලද එකක් විය හැකි බවට විමර්ශන කණ්ඩායම් සැක පළ කරන අතර, එහි වත්මන් හිමිකරු යැයි කියන පුද්ගලයා ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලින් හෙළි වී ඇත්තේ, ඔහු විසින් මීට වසර දෙකකට පමණ ඉහතදී හෝමාගම ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් මෙම රථය මිලදී ගෙන ඇති බවයි.
මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ මේ වන විට ක්‍රියාත්මක වන අතර, ජීප් රථය කිරිබත්ගොඩ පොලිසිය භාරයේ තබා ඇති බවද වාර්තා වේ.
201 Views
Comments