රටේ ඖෂධ හිඟය ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිළි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
24

රටේ ඖෂධ හිඟය ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිළි

රටේ ඖෂධ හිඟය ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිළි

මේ වනවිට රටේ පවතින ඖෂධ හිඟය සහ ඖෂධ මිල ඉහළ යාම ජනතාවගේ මානව අයිතිවාසිකම් කඩවීමක් බවට වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය විසින් ගොනු කරන ලද පෙත්සමක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර තිබේ.

 

එම කොමිසම පැවසුවේ ඊට අදාළ විර්ශන සඳහා  සෞඛ්‍ය අමාත්‍යාංශයට නොතීසි නිකුත් කර ඇති බවයි.

 

අදාළ පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස සෞඛ්‍ය ලේකම්වරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ඖෂධ නියාමන අධිකාරිය නම් කර තිබේ.

 

මේ පිළිබඳ අදහස් දක්වමින් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ, රටේ මහජන සෞඛ්‍ය සේවාව ද දිගින් දිගටම බිඳ වැටෙමින් පවතින බවයි.

views

182 Views

Comments

arrow-up