FEB
12
පලාබද්දල - රත්නපුර පාරේ බස් අනතුරක්

පලාබද්දල සිට රත්නපුර බලා ගමන් කරමින් තිබු සිරිපා වන්දනා විශේෂ සේවා සඳහා යොදා තිබූ රත්නපුර ඩිපෝවට අයත් බස් රථයක් ඊයේ දහවල් එකට පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් විසි දෙනෙකු තුවාල ලබා තිබේ.
බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි තිහක පමණ ප්‍රපාතයකට පෙරළී ඇති අතර, අනතුරින් තුවාල ලැබූවන් ගිලිමලේ රෝහලට ඇතුළත් කර ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් හතළිස් පස් දෙනෙකු පමණ ගමන් කර ඇති අතර ඔවුන් කිසිවෙකුගේත් තත්ත්වය බරපතල නොවන බව වාර්තා වේ. මෙම අනතුරට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
240 Views
Comments