මේ අවුරුද්දේ ගෙවුණු දින ටිකට සිදු වූ අනතුරු 10000 පනී

මේ වසරේ ගතවූ කාල සීමාව තුළ දිවයින පුරා සිදු වූ අනතුරු 10055 කින් පුද්ගලයින් 1202 ජීවිතක්ෂයට පත්ව ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පැවසීය.
මේ අතරින් බස් අනතුරු 137 ක් වාර්තා වී ඇති අතර ඉන් 92 ක් පෞද්ගලික බස් රථ බවත් සෙසු බස් 45 ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ බවද හෙතෙම කියාසිටියේය.
මෙම මරණ වාර්තා වී ඇත්තේ මාරක රියදුරු 1135 කින් වන අතර එලෙස ජීවිතයට පත් වූ 1202 දෙනාගෙන් 375ක්ම යතුරුපැදියකරුවන් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.
මේ අතරින් පුද්ගලයින් 149 දෙනෙකු මගීන් වේ.
මෙම අනතුරු සමස්තය අතුරින් බරපතළ තුවාල අනතුරු 2088 ක්ද වාර්තා වී ඇති අතර සුළු අනතුරු 4450ක්ද වාර්තා වී ඇත.
139 Views
Comments