පාදුක්කේ බාලවයස්කාර දැරියක් සමූහ දූෂණයට ලක් වෙයි

බාලවයස්කාර දැරියක් තරුණයන් පස්දෙනෙක් අතින් සමූහ දූෂණයට ලක්වීමේ පුවතක් පාදුක්ක ප්‍රදේශයෙන් වාර්තා වේ.
මෙලෙස සමූහ දූෂණයට ලක්ව ඇත්තේ පහළොස් හැවිරිදි දැරියකි.
මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ මෙම දැරිය මෙම වසරේ මාර්තු මාසයේ සිට ජූනි මාසය අතර කාලය තුළදී සමූහ දූෂණයට ලක්ව ඇති බවයි.
දැරිය විසින් පාදුක්ක පොලීසියට කළ පැමිණිල්ලකට අනුව සිද්ධිය සම්බන්ධයෙන් තරුණයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පාදුක්ක ප්‍රදේශයේ ම පදිංචි වයස අවුරුදු 19ත් 27ත් අතර වයසේ පසු වන තරුණයන් පස් දෙනෙකි.
ඔවුන්ගෙන් එක් තරුණයෙකු මෙම දැරිය සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා ඇති අතර ඔහුගේ ආරාධනයකට අනුව දැරිය පාදුක්ක වවුල්කැලේ ප්‍රදේශයට ගොස් තිබේ.
එහි දී අනෙක් සිව් දෙනා ඔවුන් සමඟ එකතු වී ඇති බව මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා අද (08) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර දැරිය අවිස්සාවේල්ල රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පාදුක්ක පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
363 Views
Comments