හිටපු හමුදා සෙබළෙකු වූ සැමියාව කමිසයකින් ගෙල සිරකර නිදි යහනේදී මැරූ බිරිඳ අත්අඩංගුවට

හොරණ මල් බෙරිගම ප්‍රදේශයේ නිවසක් තුළදී අඹු සැමියන් දෙදෙනෙකු අතර ඇතිවූ ආරවුලකින් පසු බිරිඳ විසින් තම සැමියාගේ ගෙල කමිසයකින් සිරකර නිදියහන මත ඝාතනය කර ඇතැයි හොරණ පොලිසිය පවසයි.
ඝාතනය සම්බන්ධයෙන් බිරිඳ අත්අඩංගුවට ගෙන ඇති අතර මෙලෙස ඝාතනයට ලක්ව තිබෙන්නේ වසන්ත කුමාර නමැති හිටපු හමුදා සෙබළෙකි.
ඔහු 30 හැවිරිදි එක් දරු පියෙක් වන අතර ඝාතනයට ලක්වූ පුද්ගලයා සහ බිරිඳ අතර නිරතුරුව ආරවුල් හටගෙන තිබූ බවත් පෙරේදා (02) රාත්‍රියේද ඔවුන් දෙදෙනා අතර සුපුරුදු ලෙස ආරවුලක් හටගෙන තිබූ බව පොලිසිය කියයි.
ආරවුලෙන් පසුව ඝාතනයට ලක්වූ පුද්ගලයා ඇඳට ගොස් නිදා ගැනීමෙන් අනතුරුව සැකකාරිය විසින් මෙම ඝාතනය සිදුකර ඇත.
සැකකාරියගේ දෙමාපියන් ඒ ආසන්නයේ පදිංචිව සිටියත් ඔවුන් මෙම ආරවුල සමථයකට පත් කිරීම සඳහා මැදිහත්ව නැති බව පොලිස් නිලධාරියෙකු පැවසීය.
ඝාතනය සම්බන්ධයෙන් පානදුර කොට්ඨාස අපරාධ පරීක්ෂණාගාර නිලධාරීහු පැමිණ පරීක්ෂණ පැවැත්වූහ.
පානදුර පොලිසිය වැඩිදුර පරික්‍ෂණ පවත්වයි.
711 Views
Comments