වැඩි වූ විදුලි බිල්පතෙන් වැඩිපුර විදුලි සැර වැදුණේ කාටද?

ඉහළ දැමු විදුලි බිලෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ අඩු අදායම් ලාභීන්ට බව ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රංවල සදහන් කරනවා. අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සදහන් කළා.
භාවිතා කෙරෙන විදුලි ඒකක ගණන අඩුම පිරිසගේ විදුලි බිල්පත වැඩි වශයෙන් වැඩි කරමින් රජය මේ ඔස්සේ විශාල ලාභයක් ලබන බවද ඔහු මෙහිදී කියා සිටියා.
කෙසේ නමුත් විදුලි ඒකක වැඩි ගණනක් භාවිතා කරනන්ගේ විදුලි බිල්පතේ සැලකිය යුතු වැඩි වීමක් පෙන්නුම් නොකරන බවත් එම නිසා මෙම වැඩි කිරීමෙන් දිළිඳු පවුල් රැසක් දැඩි අපහසුතාවට මුහුණ දෙන බවද ඔහු පවසන්නේ මෙම අසාධාරණ මිල වැඩි කිරීම් ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් ඉදිරියේදී දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු වැඩිදුරටත් සදහන් කළා.
290 Views
Comments