පොලිස් සිරමැදිරිය තුලදී සියදිවි නසා ගැනීමට ගත් උත්සහය වරදී - බරපතල තුවාල ලබා රෝහලට

අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයේ තබා සිටි පුද්ගලයෙකු සිර මැදිරිය තුළ ගෙළ වැළලාගෙන මිය යාමට ගත් උත්සාහයක් වැරදී යාමෙන් බරපතල ලෙස තුවාල ලබා ඊයේ(06) යාපනය පේදුරුතුඩුව රෝහලට ඇතුලත් කොට තිබේ.
බීමත්ව බිරිඳට පහරදීම හා අසල්වාසීන්ට තර්ජනය කිරීම යන වැරදි මත ඔහුව යාපනය පේදුරුතුඩුව පොලීසියේ විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ බිරිඳගේ හා අසල්වාසීන්ගේ පැමිණිලිවලට අනුවයි.
සැකකාර පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා පේදුරුතුඩුව පොලීසිය පියවර ගෙන තිබූ අතර ඊට පෙර ඔහු ගෙළ වැළලාගෙන මියයාමට උත්සහකොට ඇත.
පේදුරුතුඩුව මහ්සේත්‍රාත්වරයා පොලීසියට පැමිණ සිද්ධිය පිළිබදව මූලික විමර්ශනයක් සිදුකොට තිබෙන අතර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදු පරීක්ෂණ පවත්වයි.
965 Views
Comments