රසායනික පොහොර ලැබෙන ආරංචියත් සමග ගොවියෝ කුඹුරට බසී

රසායනික පොහොර ආනයනයට අවසර ලබාදෙන බව රජය නිවේදනය කිරීමත් සමග පොළොන්නරුව, ගිරිතලේ ගොවීන් කුඹුරු වැපිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.
ඒ අනුව ප්‍රදේශ රැසක කුඹුරු වැපිරීමේ කටයුතු දැන් ආරම්භ කර තිබෙන බව අප වාර්තාකරුවන් පැවසීය.
මේ අතර ජනතාව මැසිවිලි නගන්නේ එළවළු සිල්ලර මිල ගණන් ඉහළ යමින් පවතින බවටය.
මේ අතර අම්පාර, උහන කුමාරිගම ප්‍රදේශයේ ගොවීන් මෙවර මහ කන්නය සඳහා කාබනික පොහොර භාවිතයෙන් කුඹුරු වැපිරීම ආරම්භ කර තිබුණද ගොයම් ගස් ප්‍රමාණවත් තරම් වර්ධනය වී නොමැති බවට ඔවුන් මැසිවිලි නගයි.
එම ප්‍රදේශයේ ඇතැම් ගොවීන් පවසන්නේ ගොවිජන සේවා නිලධාරීන් තමන්ට කාබනික පොහොර යැයි පවසමින් රසායනික පොහොර ලබා දී ඇති බවය.
722 Views
Comments