ලොවෙන් තුරන් කළ වසූරිය වයිරසයේ සජීවී සාම්පල ඇමරිකාවේ රාසායනාගාරයකින් මතුවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
20

ලොවෙන් තුරන් කළ වසූරිය වයිරසයේ සජීවී සාම්පල ඇමරිකාවේ රාසායනාගාරයකින් මතුවෙයි

ලොවෙන් තුරන් කළ වසූරිය වයිරසයේ සජීවී සාම්පල ඇමරිකාවේ රාසායනාගාරයකින් මතුවෙයි

වසූරිය වයිරසයේ විෂබීජ අඩංගු වයිරස කුප්පි 15 ක් ඇමෙරිකාවේ පෙන්සිල්වේනියා ජනපදයේ මොන්ටිගොමරි ප්‍රාන්තයේ ඖෂධ සමාගමකින් හමුවීමත් සමඟ මහත් ආන්දෝලනයක් හටගෙන ඇත. වසූරිය යනු එන්නත්කරණය මගින් ලොවෙන් තුරන් කළ ඉතාමත් බිහිසුණු මාරක වයිරසයකි.

 

 

'වසූරිය' (Smallpox) වයිරසය හැඳින්වෙන්නේ 'වැරියෝලා' යනුවෙනි. ලොවෙන් මුළුමනින්ම තුරන් කර දැමීමෙන් පසු වසූරිය වයිරස සම්පල ඇත්තේ ලෝකයේ ස්ථාන දෙකක පමණි. වයිරස සාම්පල ඇති එක් ස්ථානයක් වන්නේ, ඇමෙරිකාවේ ඇට්ලැන්ටා නුවර ඇමෙරිකන් වසංගත රෝග පාලනය සහ වළක්වා ගැනීමේ ආයතන මූලස්ථානයයි. අනෙක් ස්ථානය, රුසියාවේ කේල්ට්ස්වෝ හි 'වෙක්තෝර්' අධි ආරක්ෂිත පර්යේෂණාගාරයයි.

 

 

මෙම ස්ථාන දෙක හැර ලොව වෙනත් කිසිදු ස්ථානයක 'වසූරිය' වයිරස සාම්පල නොමැති බව පැවැසෙයි. මොන්ටිගොමරි ප්‍රාන්තයේ ඖෂධ සමාගමක පර්යේෂණාගාරයකින් වයිරස කුප්පි හමුවීම ආන්දෝලනයක් ඇති කළේ මේ නිසාය. එෆ්.බී.අයි. හෙවත් ඇමෙරිකානු මධ්‍යම පරීක්ෂණ කාර්යාංශය මේ සම්බන්ධයෙන් විශේෂ පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.

views

1285 Views

Comments

arrow-up